ප්‍රා සේවක අතවරයෙක් වෙයි


නිවසේ තනිවම සිටි වයස අවුරුදු 13ක දැරියකට අතවර කරන්නට හැදූ බව කියන ගම්පහ ප්‍රාදේශීය සභා සේවකයෙක් (32) සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.

වරිපනම් බදු විස්තර සොයා ගෙදරට ගිය ඔහු එක් වරම දැරියගේ ළැම මිරිකා ඇතැයි ද දැරිය කෑ ගහගෙන එළියට පනිද්දී සේවකයා පැන ගිය බව ද කියති.

ප්‍රාදේශීය සභාවේ ප්‍රධානියකු සමග ඔහු සමාව ගැනීමට ගිය නමුත් නිවැසියන් එය ප්‍රතික්ෂේප කර ඇත.

ගම්පහ නව නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාට සිද්ධිය පැමිණිලි කළ පසු ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ගනේමුල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.