ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුතා පාසල් සිසුවකුට වෙඩි තැබු බව කියන පතුරොම් තුවක්කුව අද උදෑසන ඔහුගේ නිවසේ තිබී සොයා ගත් බව ලග්ගල පොලීසිය කියයි.
මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ පුතා වන ලෙස්ලි කන්නගර (41) හා ඔහුගේ මිතුරා නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
තුවාල ලැබු පාසල් සිසුවා මේ වන විට මාතලේ මුලීක රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.