ප්‍රා සභාපති ගෙට ගිනි


දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති ඉන්දික අනුරුද්ධ (සන්ධාන) මහතාගේ නිවසට අද (16) අලුයම ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

අසල්වැසියන් ගින්න නිවා දැමූ අතර ගෙදර කිසිවකු නොසිටි බව දැනගන්නට ඇත. එක්සත් ජාතික පාක්ෂිකයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාපති දැනට රිමාන්ඩ් භාරයේ පසුවේ.