ප්‍රා සභාපති කැබ්රිය අත් අඩංගුවට ගනී


පසුගිය අගෝස්තු නම වැනිදා බුලත්සිංහල දේවමිත්තාරාමය අසලදී සිදු වූ අනතුරක් වාර්ථා නොකලැයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති තුසිත කුලරත්නගේ කැබ්රිය අද  පොලිස් අත් අඩංගුවට ගත්තේය.

විහාරස්ථානයේ බෝධි පූජාවකට ගිය ළමයෙකු කැබ්රියේ හැපුනු පසු එම අනතුර වාර්ථා නොකළැයි පොලීසිය කියයි.

පොලීසිය අධිකරණයට කරුණු දක්වා වාහනය අත්අඩංගුවට ගත්තේය.

ළමයාගේ කකුල බිදී  ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.