වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති රෝහණ වන්නි ආරච්චි මහතාගේ නිල කැබ් රිය පොලිස් අණ නොතකා ධාවනය කළ හේතුව සොයා සෙවනගල හා තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වති.
සභාපති රෝහණ වන්නිආරච්චි මහතා පැවසුයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු ඇඹිලිපිටියේ මළ ගෙදරක යාම සඳහා රියදුරා සමඟ තම කැබ් රිය ඉල්ලා ගත් බවයි .
පොලීසිය පවසනුයේ වාහනය නතර කිරීමට පොලීසිය අවස්තා කිහිපයකම ගත් උත්සාහයකදි රියදුරා සහාය නොදුන් බවයි. අන්තිමේදී අලි වංගුව ප්‍රදේශයේදී වාහනය අතහැර දමා තිබු බවයි.
වාහනයේ සිටි අයට කුමක් සිදු වුවේදැයි පොලීසිය නොදනී.