ප්‍රා සභා මන්ත්‍රී මගුල් ගෙදරදී බඩ පුරා කයි


අකුරැස්ස මලිදුව මංගල සභාවක කතා කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් රාජපක්ෂ මහතා පහර කෑමකට ලක්ව අකුරැස්ස රෝහලෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබීය.

ඔහු මංගල සභාව අමතමින් බොහෝ අය වර්ණනා කළත්, එක් කාන්තාවක ගැන කිසිත් නොපැවසීම නිසා උරණ වූ බව කියන සැමියකු ඔහුට පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.