ප්‍රා සභා කුණු ගොඩට මළවුන්ගේ විරෝධයක් නැතත්...


සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සියඹලාණ්ඩුව සුසාන භූමියේ කොටසක කුණු බැහැර කිරීමට එරෙහිව ගැමියෝ උද්ඝෝෂණයක් කළහ.

මළවුන්ට ද නිගා දෙන අයුරින් ප්‍රාදේශීය සභාව කුණු දමන බවත්, ගමේ පවුල් 600ක් පමණ ඉමහත් පීඩාවට පත්ව සිටින බවත් කියන ගැමියෝ පාරද හරස් කර උද්ඝෝෂණයක් කළහ.

සියඹලාණ්ඩුව පොලිසිය පැමිණ ප්‍රාදේශීය සභාපති සමග සාකච්ඡා කර ගැමියන්ගේ උද්ඝෝෂණය නතර කිරීමට පියවර ගත්තේය.

කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට ද නියමිතය.