දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර කථා බහ දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.
ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව කැඳවූ අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඇතිවූ කථා බහ දුරදිග ගොස් මන්ත්‍රීවරු සභාවේ තිබූ ජල බෝතල් හා මයික්‍රෆෝන යන්ත්‍රවලින් ප්‍රහාර එල්ල කර ගත්හ.
එම අවස්ථාවේ සභාපතිවරයා සභාවෙන් පිටව ගොස් සිටි අතර විනාඩි 5 ක පමණ කාලයක් පැවති ගුටි බැට හුවමාරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසින්ම සමථයකනට පත් කරගත්හ.



