ප්‍රා මන්ත්‍රීන් දෙන්නාට අගුණකොළ සභාවේදී ගහලා


අඟුණකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.පී.නුවන් රංජන් ද සිල්වා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ ප්‍රාදේශීය සභාවේදී අද (4) උදේ යකඩ පොලු ප්‍රහාරයකට ලක්ව අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළු කරනු ලැබූහ.

රන්ජන්  ද සිල්වා දැනටද එහි මන්ත්‍රීවරයෙකි. පිරිසක් පැමිණ තමාටද පහර දුන්නැයි අගුණකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති විජේරත්න මුණසිංහ මහතා දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළේය.

පොලිසිය ඔහුට කියා ඇත්තේ පොලිසියට අවුත් පැමිණිල්ල කරන ලෙසයි.