ප්‍රා මන්ත්‍රී 18 තෙක් රිමාන්ඩ්


නිට්ටඹුවේ සුරංග පීරිස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රහස් පොලිස් භාරයට ගත් සැකකරුවකුගේ තොරතුරු මත අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරික් සුසන්ත කීනමින්න ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළාය.