ප්‍රා. ලේකම්ට ගැසුවාට සගයෝ පැයක් වීදී බසිති


පුත්තලමේදී පෙර දින වල් අලියකුගේ ප්‍රහාරයෙන්  ගැමියෙකු මිය යාමේ සිද්ධියෙන් පසුව පුත්තලමේ ප්‍රාදේශිය ලේකම් එම්. එල්. ඒ  මලීක් මහතාට පහර දුන්නාට විරෝධය දක්වමින් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල අටක දෙදහසකට වැඩි  සේවකයෝ කලු පටි බැදගෙන පුත්තලම් නගරයේ පැයක විරෝධතාවක් ඇරැඹුහ.

 රජයේ සේවකයිනට හේතුවක් නැතිව හිරිහැර කිරීම ගැන ජනතාව දැනුම්වත් කිරීම සදහා මේ පා ගමන යොදා ගන්නා බව  පුත්තලම අතිරේක දිසාපති ජේ. එල් .එම් .සී  බණ්ඩාර මහතා පැවසීය.

(වීඩියෝ එච් චන්දන)