ප්‍රහාරයේ ඉලක්කය ප්‍රංශ ජනපතිද ?


ප්‍රංශය හා ජර්මනිය අතර පැවැති පාපන්දු තරගයක් නැරඹීමට ප්‍රංශ ජනපති ෆ්‍රැ්කොයි ඔලන්දේ ගොස් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ පටි පැළඳගත් ත්‍රස්තවාදීන් එම බෝම්බ පටි පුපුරවාගත් බව පැරිස් නුවර අලුත්ම වාර්තා කියයි.

එම ප්‍රහාරයේ ඉලක්කය ප්‍රංශ ජනපතිද යන්න නොපැහැදිලිය.

80,000ක් ක්‍රීඩා ලෝලියෝ තරගය නැරඹීමට පැමිණ සිටියහ.

ප්‍රංශ ජනපති වහාම පිටියෙන් ඉවත් කළ අතර මහජනයාද ඉවත් කරනු ලැබූහ.

ඉනේ බැඳගත් බෝම්බ පටි පුපුරවාගත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් පසු තවත් ත්‍රස්ත පිරිස් බෝම්බ ගැසූ බවත් එම පිරිසේ සිටි 100 දෙනකු මැරෙන්නට ඇති බවත් කියති.

සෙසු අය මැරෙන්නට ඇත්තේ අනෙක් ප්‍රහාරවලින් බවද තුවාල ලැබූ 60ක් රෝහල්ගත කළ බවද ඔවුන්ගේ පිරිසකගේ තත්ත්වය බරපතල බවද ප්‍රංශ රෝහල් ආරංචි කියයි.

ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිර්දය ලෙස ගෙනයන බව ප්‍රංශ ජනපති අවධාරණය කරයි.

අමෙරිකාවේ ජනපති බැරක් ඔබාමා කියනුයේ එම ප්‍රහාරය මිනිස් වර්ගයාට එරෙහි ප්‍රහාරයක් බවයි. ඉන්දීය අගමැති මෝදි පැවසූවේ එය නිහීන, අධම හා කුරිරු ප්‍රහාරයක් බවයි.

මෙම ප්‍රහාරයත් සමග අමෙරිකාවේ නිව්යෝක් නුවර ආරක්ෂාවද තර කර ඇත.

ප්‍රහාරයට ආ ත්‍රස්තවාදීන් මැරුම් කන්නට හා කිහිප දෙනකු බේරී සැඟව සිටින්නට ඇතැයි කියති. ප්‍රංශ පොලිසිය හා යුද හමුදාව ඔවුන් සොයා පරීක්ෂණ අරඹා ඇත.

203 204 205 206 207 208 209 210 211 212 213