ප්‍රසන්න විතානගේ රුසියා සම්මාන දිනයි


අගෝස්තු මස 23 - 30 වැනිදා තෙක් රුසියාවේ පැවැති තෙවැනි අන්තර්ජාතික සකාලීන් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට රුසියා විචාරක සංසදයෙන් පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" සමත්විය.
රුසියාව, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, පිලිපීනය, චෙක් ජනරජය, කසකස්තානය, ජර්මනිය සහ ප්‍රංසය නියෝජනය කරමින් චිත්‍රපට නවයක් මේඋළෙලේදී තරගකාරී අංශය නියෝජනය කළේය.
මේ සම්මානය "ඔබ නැතුව ඔබ එක්ක" දිනූ පස්වැනි අන්තර්ජාතික සම්මානයයි.

43 වැනි ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය එහි ප්‍රධාන නිළි අංජලී පාටිල් විසින් දිනා ගන්නා ලද අතර ප්‍රංශයේ වෙසුල් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි "රන් පාපැදිය" සම්මානය සමඟ නෙට්පැක් ජූරියෙන් හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනැමෙන නෙට්පැක් සම්මානයද "ඔබ නැතුව ඔබ එක්ක" දිනාගත් අතර, ඉතාලියේ මිලානෝවේ අප්‍රිකා, ආසියා, ලතින් ඇමෙරිකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සිග්නීස් ජූරියෙන් පිරිනැමෙන "සිග්නීස්" සම්මානය ද දිනා ගැනීමට"ඔබ නැතුව ඔබ එක්ක" සමත් විය.