ප්‍රවෘත්ති සංදේශය


  • වත්තලදී බෑනාගේ පිහි පහරින් මාමා මිය ගිය බව පොලීසිය කියයි.
  • කොළඹ ගුණසිංහපුරයෙන් රුපියල් දෙලක්ෂයක් සමග අතුරුදන් වූ පුද්ගලයකු සොයා පරීක්ෂණ අරඹා ඇත.
  • පැල්වත්ත 10 ගම්මානයේ අලි වැට ළඟ වෙඩි වැදී මිය ගිය ගැමියකුගේ සිරුරක් සොයා ගෙන ඇත. ඔහු ළඟ තුවක්කුවක් ද වැටී තිබේ.
  • ගම් වැද ගෙවතු පාළු කළ බව කියන තනි වල් අලියකු මොණරාගල දඹගල්ලේ දැලිවදී අල්ලාගත් වනජීවී නිලධරයන් එම සතා වෙනත් පරිසරයකට මුදා හැරීමට යයි.
  • කොල්ලුපිටි මුහුදු මාර්ගයේදී යතුරුපැදි ත්‍රීරෝද ගැටුමකින් 27 හැවිරිදි තරුණයකු මිය ගිය බව පොලීසිය කියයි.
  • මොරටුව එගොඩඋයනේ හා ගල්කිස්සේදී බිමට හා අහසට වෙඩි තැබීමේ සිද්ධි දෙකක් වාර්තා වේ. ප්‍රතිවාදීන් බිය ගැන්වීමේ අරමුණින් එය කරන්නට ඇතැයි ද, එම සිද්ධි දෙක එකම පිරිසකගේ නොවන බව ද පොලීසිය කියයි.
  • කඩවත අසළ ගමක ත්‍රීරෝද රථයක් පිළිබඳ ආරවුලක් මත අයකු මරා දමා ඇතැයි පොලීසිය කියයි.