ප්‍රවෘත්ති සංදේශය


  • ඉතාලි පොලීසිය ශ්‍රී ලාංකිකයකු සොයයි. ඔහුගේ දස හැවිරිදි දියණිය  පාසලේ ගුරුවරියට කළ පැමිණිල්ලක් අනුව පියා සොයනුයේ ඔහු වසර තුනක් තිස්සේම ඇය කෙළෙසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

  • අඩු බර පාං වැඩි මිලට විකිණු වෙළෙඳුන් 300 දෙනකු නුවරඑළියේදී වැටලූ බව මිල පාලන නිලධරයෝ කියති. රුපියල් 60කට විකිණූ ඇතැම් පාං ගෙඩියක මිල ග්‍රෑම් 300ක් පමණ විය. පාං ගෙඩියක බර ග්‍රෑම් 450කි. නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු විය.
  • අනුරාධපුර දිස්ත්‍රික්යේ, ගිරිබාව, කැකිරාව පෙදෙස්හි ලිං තිස් දහසික් ලිං අට දහසකම ජලය ක්ලෝරයිඩ් බහුල බව පරීක්ෂණයකදී සොයාගෙන ඇත. ජලයේ ක්ලෝරයිඩ් වැඩිවීම වකුගඩු ආසාධන ඇති කරන බව වෛද්‍යවරු කියති.
  • 2013 මුල් කාර්තුවේදී අම්පාරේ මධ්‍යම ආයුර්වේද බෙහෙත්හල්වලට රුපියල් ලක්ෂ 19ක බෙහෙත් නිකුත් කර ඇත. ආයුර්වේද ආයතන 53කට ගිය වසරේ රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක බෙහෙත් සැපයීය.
  • සදලංකාවේදී පෞද්ගලික බස් රියදුරයකු හා ලංගම බස් රියදුරකු අතර ආරවුලකින් ලංගම රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.