ප්‍රවෘත්ති සංදේශය


  • විශ්‍රාමික රෝහල් උපස්ථායිකාවක හොරණ පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වටලා සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන අංශය කියයි.

  • බෙන්තොට අතුරුවැල්ලේ පාලමක තීන්ත ආලේප කරමින් සිටි සේවකයෙක් ඇලට වැටී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
  • කෙසෙල් ඇතුළු පළතුරු පටවාගත් ත්‍රීරෝද රියක් බලංගොඩ වලිගෙපොල හපුගල කන්දකින් අඩි 30 ක පල්ලමකට වැටී ත්‍රීරෝද රියදුරු මියගිය බව පොලිසිය කියයි.  
  • කතරගම  වෙහෙරගල වාන් දොරටු පහක් අද අළුයම විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති.
  • මධ්‍යම පළාතේ විද්‍යා හා තාක්ෂන ගුරු හිගය පියවීම සදහා ගුරුවුරුන් 1400 ක් බදවා ගැනීමට යයි.
  • සෞදි අරාබියේ අතරමං වූ ශ්‍රී ලාංකිකයෝ 350 දෙනක් ගිය සතියේ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. එවැනි තවත් 250 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.