ප්‍රවෘත්ති සංදේශය


 

  • වැලිමඩ යල්පත්වලදී බසයක් හා ජිප් රියක් ගැටී දස දෙනකු තුවල ලැබූ බව පොලීසිය කියයි.

    පරණ අවුරුදු දා හා අලුත් අවුරුදු දා අනතුරුවලින් තුවාල ලබා මාතර රෝහලට 134 දෙනකු ඇතුලත් කරනු ලැබූහ. බීමත්කම අනතුරුවලට ප්‍රධාන හේතුව බව අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය කියන්නීය.

    අවුරුදු දෙදිනෙහි රෝහලේ දරුවෝ 46 දෙනෙක් උපත ලදහ. ඉන් වැඩිදෙනා පිරිමි දරුවෝය.

  • කොස්ගමදී ජිප් රියක් අනතුරට පත්වී කාන්තාවක මියගොස් පස් දෙනකු  තුවාල ලැබූ බව පොලීසිය කියයි.

  • අප්‍රේල් 13, 14 දෙදිනෙහි අවුරුදු අනතුරුවලට ලක්වී 480ක් කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබූහ.

    අද වන විට ඔවුන්ගෙන් 235 දෙනෙක් රෝහලේ සිටිති. මත්පැන් සහ රතිඤ්ඤා , රිය අනතුරු හා කල කෝලහලවලට හේතු වී ඇත.

  • රඹුක්කන පැවති වැඩිහිටි ධාවන තරඟයකට සහභාගී වූ 70 හැවිරිදි වැඩිහිටියෙක් මරුමුවට පත් විය.
  • රජයේ රෝහල්වලින් වසරකට 550 දෙනා නොමිලයේ ප්‍රතිකාර ලබා ගනිතියි සෞඛ්‍ය ලේකම් නිහාල් ජයතිලක මහතා කියයි. පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සංඛ්‍යාව ජනගහනයෙන් සියයට දෙකත් තුනත් අතර පිරිසකි.
  • සිංහල අවුරුදු පැවැති අප්‍රේල් 13, 14 දෙදිනයන්හි බීමත් රියදුරන් 311 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
  • බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට අලුයම නාකැටියේදී පස් කන්දක් සමග ගල් වැටී අවහිර වී ඇත.