දික්වැල්ල නගරයේදී ජංගම දුරකතනයක් පැහැරගත් තරුණයෙක් මූදට පැණ පීනන්නට විය. පොලිස් කොස්තාපල්වරයෙක් ද මූදට පැණ ඔහු ලුහු බැන්දේය. පොලිස් කණ්ඩායමක් බෝට්ටුවකින් මූදට ලොස් දෙදෙනාම ගොඩ ගත්හ. (එස් ගලප්පත්ති)
අම්පාර එරගම - මීහරකුන් හොරෙන් පටවාගත් ලොරියක් හා සහල් පටවාගත් ලොරියක් එරගම මිනීමරු හන්දියේදී අද අලුයම ගැටී ලොරියක සිටි තිදෙනක් බරපතල තුවාල ලබා බේරාගෙන රෝහල් ගත කරනු ලැබූහ. මීහරකුන් ටික බේරාගෙන ගිය බව ද කියති. (වසන්ත චන්ද්‍රපාල, නවරත්න සමරතුංග)
කරන්දෙණිය - මාසයක් ඇතුළතදී 16 වැනි හොර ගිනි අවියත් සොයා ගත් බව පොලීසිය කියයි.(සුසිල් ප්‍රියන්ත)
කළුතර - කළුතර නගර සභා පිටියේ සංගීත සංදර්ශනයක් බැලීමට පැමිණි පුද්ගලයකු සංගීත භාණ්ඩ ප්‍රවාහන ලොරියකට යටවී අද අළුයම මියගොස් සිටි බව පොලීසිය කියයි. (රත්නසිරි ප්‍රේමලාල්, සුනිල් තන්ත්‍රිආරච්චි)