ප්‍රවීනාට තවත් බබෙක්


2016-09-28-ent-19

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ "ප්‍රවීනා" ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ශ්වේතා තිවාරි මේ දිනවල ගැබ්ගෙන සිටින පුවතක් වාර්තා වේ. ඒ පිළිබඳව ඇය නිශ්චිත ලෙස සඳහනක් නොකර ඇතිමුත් ඇයගේ වර්තමාන පෙනුමෙන් යුත් ඡායාරූප කිහිපයක් ඇයගේ ෆේස්බුක් හා ට්විටර් ගිණුම් තුළ ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.

වසර කිහිපයකට පෙර ඉන්දීය ටෙලි නාට්‍යය හා බොලිවුඩ් චිත්‍රපට රංගනයෙන් ඈත් වු ශ්වේතා මේ වනවිට සිය සැමියාගේ ව්‍යාපාරික කටයතුවලට මුල්තැනදී තිබෙන බව සඳහන් වේ. ශ්වේතා කලින් විවාහ වී සිටි තැනැත්තියක වන අතර, ඇයගේ පළමු විවාහය 2007 වසරේදී බිඳ වැටුණි. ඇයගේ නව සැමියා වන ව්‍යාපාරික අභිනව් කෝලි සමගින් 2013 වසරේදී විවාහ විය.

පළමු වැනි විවාහයේදී ශ්වේතාට පලක් තිවාරි නම් අටවැනි වියෙහි පසුවන දියණියකද සිටින්නීය. ශ්වේතා 2010 වසරේ පැවති "බිග් බොස්" සිවුවැනි අදියරේ ජයග්‍රාහික වූ අතර, ඇයට එහිදී ඉන්දීය රුපියල් කෝටියක් මුදලක්ද ත්‍යාග වශයෙන් පිරිනැමිණි.

 

2016-09-28-ent-20