ප්‍රවීන මාධ්‍යවේදී ආරියදාස පීරිස් සමුගනී


ප්‍රවීන මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත විය.

වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස සැලකෙන්නේ ද ආරියදාස පීරිස් මහතා ය. වෙළෙඳ සේවයේ 1951 සැප්තැම්බර් දෙවැනි දා ඇරැඹි ‘ආධුනික පැය‘ නම් වැඩසටහන මුලින්ම ඉදිරිපත් කිරීමේ භාග්‍ය ලැබුණේ ඔහුටය.

පීරිස් මහතා සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ද වැඩසටහන් මෙහෙයවීය.

කුරුලු බැද්ද චිත්‍රපටයේ වෛද්‍යවරයාගේ චරිතයට පණ පෙවූ ආරියදාස පීරිස් මහතා සිය දක්ෂතා නිවේදකයකුගේ භූමිකාවෙන් එහාටද ඇති බව පෙන්නුම් කළේය.

චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ පියාණන් වන පීරිස් මහතා සිය දියණියට ගුවන්විදුලි මාධ්‍යයට පමණක් නොව සංගීත ලෝකයේ සැරි සරන්නටද මඟ හසර හෙළි පෙහෙළි කර දුන්නේය.