රජයේ වෛද්‍යවරුන්ට මෙන්ම රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය වෙනුවට සති දෙකක වැඩමුළුවක් තමන්ටත් ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
දැනට ක්‍රියාත්මක භාෂා ප්‍රවීණතා විභාගය ඉතාම සංකීර්ණ බවට චෝදනා කළ එම බලමණ්ඩලයේ සභාපති අජිත් තිලකරත්න මහතා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව එම විභාගය මුදල් උපැයීමේ මාර්ගයක් කරගෙන ඇති බව කීය.

