‘බන්ධනාගාර රෝහලේ සිටි ප්‍රභූවරුන් නිලධාරීන්ගේ විවේකාගාරයට’ යන සිරස්තලය යටතේ මේ මස 10 වැනිදා ලංකාදීප අන්තර්ජාල සංස්කරණයේ පළවූ පුවත අසත්‍ය බව බන්ධනාගාර මූලස්ථානය නිවේදනය කරයි.
එම පුවතේ සඳහන් පරිදි කිසිදු බන්ධනාගාරයක රැඳවියකු නිලධාරීන්ගේ විවේකාගාරයක රැඳවීමට කටයුතු කර නොමැති බවත්, බන්ධනාගාර රෝහලේ කොටසක් පමණක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එම්. ටී. එන්. උපුල්දෙනිය මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වේ.

