ප්‍රභූ වාහනවල වැරදි සොයන්නැයි ඇමැතිට ලිපියක්


ප‍්‍රභූ රථ වාහන හා ප‍්‍රභූ ආරක්ෂක වාහනවලින් සිදුවූ අනතුරු හා  වැරදි සහ ඒවාට නීතිය ක‍්‍රියාත්මක නොවූ අවස්ථා පිළිබඳ තොරතුරු සොයා බලා ඒවා රටට හෙළි කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසන එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියනුයේ බස් රථ හා වෙනත් වාහන මගින් සිදුවන රථ වාහන වැරදි පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මෙවර අයවැයෙන් රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළ නැංවීමට කර තිබෙන යෝජනාව සාධාරණීයකරණය කිරීමට ප‍්‍රවාහන අමාත්‍යවරයා ගත් උත්සාහය හෙළා දකින බවයි.