ප්‍රභූ පවුලක ඩුබායි ගිණුම් ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් ?


හිටපු ප්‍රභූ පවුලක් ඩුබායි හි බැංකුවල ගිණුම් පවත්වාගෙන යතියි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට යයි.

එම ප්‍රභූ පවුලට අමතරව මන්ත්‍රීවරයකු හා රජයේ ආයතනයක ප්‍රධානියකුද සිටින බවත් ඔවුන් ඇමරිකා ඩොලර් කෝටි 300 ක් ඉක්මවා (රුපියල් කෝටි 43065) තැන්පත් කර ඇතැයි කියති.

මේ බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂ සංවිධායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.