හිටපු දේශපාලන නායකයකුගේ දියණියක කොළඹ කුරුඳුවත්තේ බැංකුවක අද තැන්පත් කළ රුපියල් ලක්ෂ 20ක මුදල් අතර රුපියල් 5000 හොර නෝට්ටු රැසක් තිබූ බවත් එම මුදල් ඇයට දුන් බව කියන පිටකෝට්ටේ ඇඟළුම් කම්හලක විධායක නිලධාරියකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම සිද්ධිය ගැන බැංකුව පොලීසියට දැන්වීමෙන් පසු පොලීසිය මුදල් තැන්පත් කළ එම කාන්තාවගෙන් දැන් ප්‍රශ්න කරගෙන යයි.

