ප්‍රභාස්ගේ ඉටි රූපයක්


2016-10-04-ent-27

‘බාහුබලි’ චිත්‍රපටය හරහා ලොවපුරා ජනප්‍රිය වූ දමිළ සිනමා නළු ප්‍රභාස්ගේ ඉටි රුවක් තැනීමට තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි මැඩම් තුසෙඩ් කෞතුගාර බලධාරීන් තීරණය කර තිබෙනවා. බැංකොක්හි පිහිටි මෙම කෞතුගාරයේ දැනට ඉන්දියාවේ සුප්‍රකට චරිතයක් වූ මහත්මා ගාන්ධි හා වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඉටි රූපයන්ද තනා තිබෙනවා.

පසුගියදා ප්‍රභාස් මෙම කෞතුගාරයට ගොස් තමන්ගේ රුවට සමානව නිර්මාණය වන ඉටි රුවට අවශ්‍ය කරන ශරීරය ප්‍රමාණය, ඇස් වර්ණයන් හා හිසකෙස් විලාසිතා යනාදියට අවශ්‍ය සහාය එම කෞතුගාර නිර්මාණ ශිල්පීන්ට ලබා දී තිබෙනවා. පහත දැක්වෙන්නේ එහිදී ගත් ඡායාරූප කිහිපයක්. ප්‍රභාස් රංගනයෙන් දායක වන කිසිදු චිත්‍රපටයක් මේ වසරේ තිරගත නොවූ අතර, ඔහු ලබන වසරේ ‘බාහුබලී’ දෙවැනි චිත්‍රපටය හරහා නැවතත් සිය රසික පිරිස් මුණගැසීමට නියමිතයි.

 

2016-10-04-ent-28