මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ තරුණයෝ 37 දෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පැවැති සම්මූඛ පරීක්ෂණයක දී යුද හමුදාවට තෝරා ගනු ලැබූහ.
මේ පරීක්ෂණයට දෙමළ තරුණයෝ 44 දෙනෙක් ඉදිරිපත් වූහ.
මොවුන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය, යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය හා ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුවට බඳවා ගැනීමට නියමිතය.

