ප්‍රභාකරන් වංහුං අවශ්‍ය විට කියනවා


නැගෙනහිර දී බාරවූ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය හා අහිංසක සිංහල හා මුස්ලිම් වැසියන් මරා දැමීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බව කියන එවකට නැගෙනහිර කොටි සන්නද්ධ නායකයා වූ නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන්  හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව මානව හිමිකම් ආසියා කලාපය බාර ප්‍රධානි සයිඩ් බ්‍රෑඩ් ඈඩම්ස් පසුගියදා ප්‍රකාශ කෙළේය.  කරුණා අම්මාන් ප්‍රභාකරන්ගේ සියලු තොරතුරු දන්නා බව අවි ආයුධ මිලදී ගැනීමට ඔහුට උදව් කළ රටවල් හා රජ්‍ය නොවන  සංවිධාන පිළිබඳව තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බව් කරුණා මාධ්‍යයට  කියා තිබිණි. කරුණා එසැණට කියා සිටියේ තමා ඒ පිළිබඳව සියලු තොරතුරු  දන්නා බව ඇත්ත නමුත්  මෑතකදී  කිසිදු මාධ්‍යයකට එවැනි ප්‍රකාශයක් නොකළ බවයි. එහෙත් ඕනෑම විටක නොබියව සියලු දේ හෙළි කිරීමට තමා සූදානම්  බවත් උගත් පාඩම් හා සංහිඳියාව කොමිසම හමුවේ ද ඒ තොරතුරු හෙළිකළ බවත් ඔහු කියයි. බාර වූ පොලිස් නිළධාරීන් 600 දෙනා ඝාතනයට තමා සම්බන්ධ නැති බව ද ඒ වනවිට තමා සිටියේ යාපනයේ බව ද කරුණා අම්මාන් කීවේය.