ප්‍රභාකරන් ගැන පැමිණිලි කුණු කූඩේ


කුවේටයේ පවිත්‍රතා කටයුතුවල නියැලෙන ආයතනයක සේවකයන් පිරිසක් එම සමාගමට අයත් බව කියන බසයක කොටි කොඩි ගසා ගෙන  කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව  ප්‍රදර්ශනය කරමින් කුවේටයේ අගනුවර පුරා සැරිසැරූ බව එරට ශ්‍රී ලාංකිකයෙක් දුරකතනයෙන් එසැණට දැන්වීය.

එම බසයේ ඉදිරිපස ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ද, පිටුපස කොටි ලාංඡනය ද දක්නට ලැබුණු බව ඔහු පවසයි.

ඒ ගැන කුවේට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට දැන්වූ විට එය පොලිසියට දැනුම් දෙන්නැයි එහි නිලධාරියකු පැවසූ බවත්, ශ්‍රී ලංකාවේ පොලිස් මූලස්ථානයට දැන්වූ විට ඒ බව ජාත්‍යන්තර පොලිසියට දන්වන ලෙස පැවසූ බවත් එම ලාංකිකයා කීවේය.

තම ජංගම දුරකතනයේ මුදලුත් අවසන් වන තුරු  එහාට මෙහාට කතා කළත් වැඩක් නොවුණු බව ඔහු කියයි.