හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් 1999 වර්ෂයේ කොළඹ නගර සභාපිටියේ පැවති රැළියකට බෝම්බ ගසා ඇයව ඝාතනය කිරීමට තැත් කළ කොටියකු ඇතුළු කොටි සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මලයාසියාවේ ක්වාලාම්පූර් පොලිසිය කියයි. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහා කොමසාරිස්ගේ සරණාගත කාඩ් පතක් තවත් සැකකරුවකු අත තිබූ බව පොලිස්පති තාන් ශ්‍රී තාලිද් අබුබකර් මහතා ප්‍රකාශ කරයි.

