ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි


(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දාරළුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද (27) පෙරවරුවේ කාර්මික දෝෂයට ලක්වීමෙන් එම මාර්ගයේ සියලුම දුම්රිය ප්‍රමාද වන බවත් කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය හැකිඉක්මණින් යථා තත්වයට පත්කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මාර්ගයේ මේ වන විට දුම්රිය තනි මාර්ගයේ ධාවන කරන බවත් දුම්රිය දෙකක් අවලංගු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් සෙංකඩගල මැණිකේ දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් එම දුම්රිය යථා තත්වයට පත්කිරීමට වැඩි කාලයක් ගතවනු ඇති බවත් එම නිලධාරියා කීය.