ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට


(යොහාන් භාසුර)

ප්‍රධාන මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙණිය ප්‍රදේශයේ අද (8) අළුයම කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය මේ වන විට මාර්ගයෙන් ඉවත් කර ඇති බවත් ඒ අනුව පස්වරුවේ දුම්රිය ධාවනය යථා පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය පස්වරුවේ මරදාන දුම්රිය ස්ථානයට ගෙන්වා ගත් බව එම නිලධාරියා කීය.