(තරිඳු ජයවර්ධන)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙම පිරිසෙන් 48 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවකදී ඇතිවූ එකඟතාවක් මත සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇතැයි ද, තවත් 17 දෙනකු 2014 සහකාර පොලිස් අධිකාරී සමූඛ පරීක්ෂණයෙන් ලබා ගත් ලකුණු අනුව ද පත් කළ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඊට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 10 දෙනකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇතත් ඔවුන්ට එරෙහිව පවතින විනය පරීක්ෂණ නිසා පොරොත්තු ලේඛන ගත කළ බව ද එම උසස් නිලධාරියා සඳහන් කළේය.
2018 ජූලි 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් කර ඇත්තේ වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව බව පොලිසිය කියයි. තනතුරේ ස්ථිර කිරීම සඳහා වැඩ බැලීමේ කාලය ඇතුළත කඩඉම් පරීක්ෂණ තුනෙන් සහ භාෂා පරීක්ෂණයෙන් සමත්ව තිබිය යුතු බව පොලිස්පතිවරයා ඔවුන් උසස් කිරීමේ නියෝගයෙන් එම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම නිලධාරීන් සම්බන්ධයෙන් අධීක්ෂණය කර මාස තුනකට වරක් ප්‍රගතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී ඇත.

