පැයකට පසු ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළ නමුත් ඒ9 හා ඒ6 මාර්ග තවමත් වසා ඇත.
මේ වන විට මාර්ග වසා පැය පහකට වැඩි කාලයක් ගතවී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
ලොකු ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණයක් නිසා දඹුලු ආර්ථික මධ්‍යස්ථානය පැයකට වසා දැමූ බව එහි පාලකයෝ කියති.
මහනුවර යාපනය ඒ නවය මාර්ගය ද, දඹුල්ල කොළඹ ඒ හය මාර්ගයද ගොවීන් විසින් අවහිර වී ඇති බව පොලිසිය කියයි.
දඹුල්ලේ ලොකු ලූනු කිලෝවට රුපියල් 80ක 90ව මිලක් ඉල්ලමින් ලොකු ලූනු ගොවියෝ 500ක් පමණ අද උදේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලාගෙන උද්ඝෝෂණ ඇරැඹූහ.
එළවළු රැගත් ලොරි සියයක් පමණ පාර දිගේ නතර කර ඇති අතර කිසිම ලොරියකට මධ්‍යස්ථානයට ඇතුළු විය නොහැකි ලෙස ගේට්ටුද වසා තිබේ.
ගොවීන්ගේ ඉල්ලීම වනුයේ තමන් ඉල්ලන මිල දෙන්නට බැරි නම් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන ලෙසයි.
ගොවීන් පවසනුයේ ලොකු ලූනු කිලෝව රුපියල් 40-60 අතර මිලකට ඉල්ලන බවයි. ඒ මිලට දීමෙන් වියදමවත් නොලැබෙන බව ඔහු කියයි. ගොවීන්ගේ තවත් මැසිවිල්ලක් වනුයේ රටින් ගෙන්වන ලූනු දඹුල්ලේ නැතත් කොළඹ හා තවත් ප්‍රදේශවල අඩු මිලට විකුණන බවයි.