යතුරුපැදියකින් යමින් සිටි හැත්තෑ හැවිරිදි විශ්‍රාමික රෝහල් සේවකයෙක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ කළුපහනේදී යතුරු පැදිය නවතා පාරේ දිගා විය.
කිසියම් අසනීපයක් නිසා ඔහු එසේ කළ බව දැනගත් පාරේ ගිය අය ඔහුගේ හදවත පිරිමදින්නට වූහ.
වහා ඔහු රෝහලට ද රැගෙන ගිය නමුත් ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකි විය.