ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති නිදහස්


විශ්ව විද්‍යාල පිවිසුම සම්බන්ධ අපොස උසස්පෙළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක නොකළැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් අද ඔහු නිදහස ලැබීය.

අගවිනිසුරු මොහාන් පීරිස්, පී ඒ රත්නායක හා ප්‍රියසාද් ඩෙප් යන විනිසුරුමඩුල්ල හමුවේ සමරනායක මහතාගේ නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියමය අනුව සරසවියට සිසුන් බඳවාගෙන ඇති හෙයින් සමරනායක මහතා නිදහස් කරන ලෙසයි.

ඒ අනුව ඔහු නිදහස් කැරිණි.