( හසිත රංග ගුණතිලක )
ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නිත්‍යනුකූලව පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය.
ප්‍රතිජීවක ඖෂධ වැරදි ලෙස භාවිත කිරීම වර්තමානය වන විට ජාත්‍යන්තර අර්බුදයක් වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධව අමාත්‍යංශය මට්ටමින් සිදු කළ හැකි උපරිම කාර්යයන් කඩිනමින් සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී ප්‍රතිජීවක ඖෂධ නිසි භාවිතයේ අවශ්‍යතාව පිළිබඳ අද (20) පැවැති සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසු සහභාගී වු පළමු රැස්වීම මෙය විය.
( ඡායාරූප සහ වීඩීයෝ - ශාන්ත රත්නායක)