
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලද නිලධාරීන් 160 දෙනකුගේ පුරප්පාඩු පැවතියදීත් එම විශේෂඥතාවය ලද වෛද්‍ය නිලධාරීන් අසූ දෙනකු වෛද්‍ය පරිපාලන තනතුරුවලට හිතුමතේ පත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම නිවේදනයක දැක්වේ.
මේ අතර වෛද්‍ය නිලධාරීන්ට රෝග නිවාරණය හා රෝගී සත්කාරක සේවා පිළිබඳ විශේෂඥතාවය ලබා ගැනීම සඳහා රජය වැය කළ මුදල නාස්තිකාර වියදමක් බවට පත්ව තිබුණේ යැයිද ජාතික විගණන කාර්යාලය පවසයි
ප්‍රතිකාර සහ නිවාරණ සේවා පවත්වාගෙන යෑමට විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් පැවතියදී එම නිලධාරීන් පිරිසක් පරිපාලන තනතුරුවලට පත් කර තිබුණු බවත් වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥතාවය ලබාගෙන සිටින වෛද්‍ය නිලධාරීන් එකසිය දස දෙනෙකු වෛද්‍ය පරිපාලන සේවයට අන්තර් ග්‍රහණය කර නොතිබූ බවත් එම වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේය.

