ප්‍රචාරකපටය කෝටි 6.5ක් නරඹලා


2016-11-23-ent-93

නොවැම්බර් 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘ඩියර් සින්දගී’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට නිකුත් කොට ඇත. ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය පවසන ආකාරයට මෙම ප්‍රචාරක පටය ‘යු ටියුබ්’ වෙබ් අඩවිය හරහා පමණක් මිලියන 65ක් රසික පිරිසක් එය නරඹා ඇති බවය.

සිනමා විචාරකයන් පවසන්නේ, මෙම චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වන ලකුණු දැනටමත් පෙන්වා ඇති බවයි. එහෙත්, ෂාරුක්ගේ ‘ෆෑන්’ චිත්‍රපටයට තිබූ රසික ඉල්ලුමද මේ වනවිට මෙම චිත්‍රපටයට ලැබෙන පවතින නමුත්, ‘ෆෑන්’ චිත්‍රපටය සිය නිෂ්පාදන මුදලද අසීරුවෙන් සොයාගත්තාක් මෙන් මෙම චිත්‍රපටයටද එවැනි ඉරණමක් අත්වනු ඇතැයිද සමහරක් විචාරකයෝ සිය අනාවැකි පළකර තිබේ. නමුත්, බොහෝ පිරිසක් පවසන්නේ මෙම චිත්‍රපටය ෂාරුක්ගේ වාසනාව නැවතත් ගෙන ඒමට සමත්වනු චිත්‍රපටයක් වනු ඇති බවයි.

 


2016-11-23-ent-95
2016-11-23-ent-94