ඉතාලියේ බොලෝඤ්ඤා නගරයේ ඩූකෝ දීබොනින්සේඤ්ඤා මාවතේදී ඇන්තනි ඩූලන් යේසුදායන් (22) හා සරන්ජේ චන්ද්‍රකුමාර් (24 ) යන ලාංකීකයෝ දෙදෙනා ඉතාලි පොලීසිය විසින් යුරෝපීය පොලිස් වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගනු ලැබුහ.
පසුගිය දෙසැම්බර් හයවැනිදා ප්‍රංශයේ පැරිස් නගරයේ ගර් දූ නොඩ් දුම්රියපොළ අසල බාබර්සාප්පුවකදී ඔවුන් දෙදෙනා සහ තවත් දෙදෙනෙකු සමගතවත් ලාංකිකයකුට මන්නයකින් සහ කෙටේරියකින් කපාකොටා දැමීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුවයි.
තුවාලලැබූ පුද්ගලයා දැඩිසත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වෙයි.
බාබර් සාප්පුව තුලදී ඇසින් දුටු අය සාක්කි දුන් අය පවසන්නේ මේ ගැටුම පැරිස් නගරයේ කල්ලි දෙකක් අතර ඇති ගැටුමක් බවයි.ඉහතකී පිරිස සතනායී කල්ලියට අයත් බව කියති.
ඔවුන් ඉතාලියට පැනවිත් බොලෝඤ්ඤා නගරයේ හිතවතෙකුගේ නිවසේ සැඟවි සිටිමින් ව්‍යාජ ලියවිලි සාදාගෙන වෙනත්රටකට පැනයාම අරමුණ වීයැයි කියති.