ප්‍රංශයේ ශ්‍රී ලංකා නව තානාපතිනි සුභ මොහොතින් වැඩ අරඹයි


ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ නව තානාපතිනී මනිෂා ගුණසේකර මහත්මිය පසුගියදා  වැඩ භාර ගත්තාය.

වර්තමාන විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඇය වර්ෂ 1998 සිට 2002 වසර දක්වා ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරිය ලෙස එවකට තානාපතිනිය සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ තම ප්‍රථම විදේශ සේවය ආරම්භ කරමින්, ඉන්පසු ජපානය, දකුනු කොරියාව, ජිනීවා, යන රටවල ශ්‍ රීලකා තානාපති කාර්යාලයන්හී ප්‍රථම ලේකම්, වැඩ බැලු තානාපති යන තනතුරු හොබවූ වාය.

එංගලන්තයේ මහා කොමසාරිස්වරිය ලෙසද සේවය කොට ඇති ඇය විදේශ සේවයේ මනා අත්දැකීම් සම්භාරයක් හිමිකර ගත් අවංක දක්ෂ දූරදර්ශී රාජ්‍ය සේවිකාවක් බව රාජ්‍ය සේවය තුළ ප්‍රසිද්ධ කරුනකි.

නව තානාපතිනිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඊට සමගාමීව ප්‍රංශයේ පිහිටුවා ඇති සියලුම ශ්‍රී ලාංකික සංවිධාන නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, කලාකාරීන් කැඳවා පසුගිය මාර්තු මස 31 වැනි දා තානාපති කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත් වූවාය.

ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට තානාපති කාර්යාලයෙන් සිදුවෙන සේවාවන් විධිමත් කොට කාර්යක්ෂම විශිෂ්ඨ සේවයක් ලබාදීම, විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා ශ්‍රීලාංකික ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද, ජාතීන් අතර සහජීවනය හා සංහිඳියාව නව මාවතකින් ගොඩ නැගීම හා වර්ධනය කිරීම ආදී කරුනු රාශියක් ගැන එදින සාකච්ඡා කළ අතර ඉදිරියේදීත් මෙවැනිම සාකච්ඡාවලින් ශ්‍රීලාංකික ප්‍රජාව දැනුවත් කරමින් ඊට සාපේක්ෂව ඔවුන්ගේ සහයෝගය ලබා ගනිමින් ශ්‍රීලංකාවේ ආර්ථික අර්බූදය යහපත් මගට හැරවීමට අවශ්‍යය සහාය ලබා ගැනීමද අරමුණ බව පැහැදිලි කළ ඇය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති සේවය හා ශ්‍රී ලංකාව යුනේස්කෝ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා 75 වසරක් සමරන මෙම වසරේ ජාත්‍යයන්තර වෙසක් දිනයේදී ඉතාමත් උසස් වෙසක් උත්සවයක්ද පැවැත්වීමට කටයුතු කරන බවද ඇය පැවැසුවාය.  පැවැසීය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)