ප්‍රංශයේ උපන් ලක් දැරියෝ පැරිසිය වර්ණවත් කරති


ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ අවමංගල්‍යාධාර ඒකකයට ආධාර පිණිස පැවැති ආධුනික ගී තරග  වර්ණවත් කිරීමට ශ්‍රී ලංකාවේ  ගායකයන් වූ නාමල් උඩුගම හා දීපාල් සිල්වා එක්වූහ.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත හා බිරිය රසාදරි පොන්සේකා, ප්‍රංශයේ තානාපති කාර්යාලයේ අන්තර් සංස්කෘතික කටයුතු පිලිබඳ ප්‍රථම ලේකම් කිසාගෝතමි සරච්චන්ද්‍ර මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් 18 වැනි වරටත් මෙවර පැවැත්වු ආධුනික ගී තරගයෙන් මල්ෂා ප්‍රියන්ගනී, නිසල් නිකොලා වෙත්තසිංහ, ජනිත් අයන්ත අනුපිළිවෙළින් ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කර  ගත්හ.  හර්ෂනී ලියනවඩුගේ ජනප්‍රිය ගායිකාව ලෙස තෝරා ගැනිනි.

එම සියලූ දෙනාම ප්‍රංශයේ ඉපැදී ප්‍රංශයේ මුලික අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික දරුවන්වීම විශේෂයකි. පැරීසියේ ලාංකික සමාජ කටයුතු සදහා සිදුකරන ලද අගනා මෙහෙවර සදහා අමර ගුණසේකර, පුෂ්පසිරි ද අල්විස්, රංඡිත් විමලනාත, ලයනල් හා සුසිලා මල්ලිකාආරච්චි යන මහත්ම මහත්මීන්ට සැමරුම් තිලිණ පිරිනැමිණි.

 දැඩි අභියෝග මැද මෙවර උත්සවය සාර්ථක කර ගැනීමට සහය දුන් හා නැරඹීමට පැමිනි සියලූ ශ්‍රී ලාංකිකයන්ටද තම ප්‍රණාමය පුදකරන බව   සභාපති රංජිත් කුලතුංග මහතා  කියයි.