රුපියල් ලක්ෂ තිහක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නීති විරෝධී ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පුද්ගලයෙකු තුර්කියෙන් පිටුවහල් කරනුු ලැබ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
තුර්කි ගුවන් සේවයට අයත් කිව්.ආර් 664 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට පිටුවහල් කොට තිබිණි.
මීට සතියකට පමණ පෙර සැකකරු ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත භාවිතා කරමින් තුර්කිය බලා පිටත්ව ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
පසුව තුර්කියේදී හමු වු ශ්‍රී ලාංකික තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ පහක් ලබා දී ප්‍රංශයට යාමට වෙනත් නමකින් තවත් ගුවන් ගමන් බලපතක් ලබා ගෙන ඇත. කෙසේ වෙතත් ඔහු තුර්කියේ සිට ප්‍රංශය බලා යාමට උත්සහ කරද්දී තුර්කි ආගමන විගමන නිලධාරීහු මොහු අත් අඩංගුවට ගෙන යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලීසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු මේ මුලික විමර්ශණ සිදු කිරීමෙන් අනතුරුව ඔහු අද දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.