ප්‍රංශ මෙහෙවර තිස් වසරයි


ප්‍රංශයේ මහ ගෙදර ලෙස පිළිගැනෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2013 වර්ෂයේ නව නිලධරයෝ පත්කරගනු ලැබූහ.

අඩපනවී තිබූ සිංහල මහ ගෙදර ගොඩ නැගීමට සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු වන බව නව සභාපති පැවසුවේය. එහි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හා සංවිධායක යන ප්‍රධාන තනතුරු සඳහා අනුපිළිවෙළින් රංජිත් කුලතුංග, සතිස්චන්ද්‍ර පෙරේරා, කලුපහන හා සම්පත් වර්නකුලසූරිය යන මහත්වරු තොරා පත්කර ගනු ලැබ සිටිති.

සංවිධානය පිහිටැවූයේ තිස් වසරකට කලිනි.