ප්‍රංශ බොදු සංවත්සරය සෙනසුරාදා


පැරීසියේ ලෙබුර්ජේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 24 වන සංවත්සරය   සෙනසුරා  (12) පැවැත්වීමට යයි.

එදින සවස 05 ට ආරම්භ කරන ආශිර්වාද පුජා, බුද්ධ පුජා හා සෙත් පිරිත් දේශනා වලින් පසුව දන්සලකි. පසුදින හීල් දානයකි.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත හිමි,   පුවක්ගහහේනේ වජිරඤාණ හිමි, මාපලගම බුද්ධසිරි නාහිමි, කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විතාරන්දෙ‚යේ මේධානන්ද හිමියන් හා ප්‍රංශයේ වාසය කරන භික්ෂූන් වහන්සේලා මීට වැඩම කිරීමට නියමිතය.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියෝ පිංකම් මාලාව සංවිධානය කරති.