ප්‍රංශ ප්‍රහාරය මෛත්‍රී හෙළා දකියි


ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

කුරිරු ත්‍රස්තවාදයේ අත්දැකීම් ඇති ජාතියක් ලෙස රටක් වශයෙන් හා සියලු පුද්ගලයන් ලෙස පැරිස් ප්‍රහාරය හෙළා දකින බව ජනපතිගේ ට්විටර් පණිවිඩයේ සටහන්වේ.

ට්විටර් ඔස්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනා එකමුතුවී ලොව පුරා පැතිර ඇති ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව විශ්වාස කරන බවයි.