ප්‍රංශ ජනපතිගෙන් කහ කබාකරුවන්ට පොරොන්දුවක්


සති ගණනාවක් පුරා ප්‍රංශයේ පැවති කහ කබා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අවම වැටුප් වැඩිකිරිමට සහ බදු සහන ලබාදීමට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා පොරොන්දු වී තිබේ.

ඉන්ධන බදු ඉහළ දැමීම සහ ජීවන වියදම් හා වෙනත් ගැටළු වලට එරෙහිව පැවති මෙම විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේය.

2019 වසරේ සිට අවම වැටුප මසකට යූරෝ 100 කින් වැඩිකිරිමට තීරණය කළ බව ප්‍රංශ ජනපතිවරයා පැවසීය.

අඩු ආදායම් ලබන විශ්‍රාමිකයන් සඳහා  සැලසුම් කළ බදු වැඩිකිරිම අවලංගුව කරන බවත් අතීකාල දීමනාව සඳහා තවදුරටත් බදු එකතු නොකරන බවත් මැක්‍රොන් මහතා වැඩිදුරටත් කීවේය.    

‘ධනවතුන්ට බදු පැනවීම ප්‍රතික්ෂේප කළ අතර අපිට රැකියා නිර්මාණය කරන්න අවශ්‍යය’ යැයි මැක්‍රොන් මහතා වැඩිදුරටත් කීය.

රූපවාහීනිය ඔස්සේ කහ කබාකරුවන් අමතමින් ප්‍රංශ ජනපතිවරයා මෙසේ පැවසීය.

             
(බීබිසී ඇසුරෙනි)

(28535)