(අජිත්ලාල් ශාන්තඋදය)
පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට දෙන තැපැල් ගාස්තු දීමනාව ඉහළ දමන ලෙස සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී නිහාල් ෆාරුක් මහතා පළාත් සභා රැස්වීමේදී ඉල්ලා සිටියේ ය.
පළාත් සභා මන්ත‍්‍රීවරයකුට වාර්ෂිකව තැපැල් ගාස්තු සඳහා රුපියල් 24,000ක මුදලක් ලැබෙන බව පැවසූ මන්ත‍්‍රීවරයා තමන් වැනි ක‍්‍රියාකාරී මන්ත‍්‍රීවරුන්ගේ වාර්ෂික තැපැල් කෝටාව මුල් මාස කිහිපය තුල දීම අවසන් වන බව කීවේ ය.
ඉන් පසුව තැපැල් වියදම් තමන්ට අතින් දරන්නට වෙන බව ඒ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් සදහා වාර්ෂිකව රුපියල් 180,000ක තැපැල් දීමනාවක් ලැබෙන බවද නිහාල් ෆාරුක් මන්ත‍්‍රීවරයා කීවේය.
“පළාත් සභා පනත අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට හිමි දීමනාවලින් අඩක් පළාත් සභා මන්ත‍්‍රීවරුවරුන්ට හිමි විය යුතුයි. ඒ නිසා අඩුම තරමේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ වාර්ෂික තැපැල් දීමනාව රුපියල් 80,000 දක්වාවත් වැඩි කරන්න“යැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

