එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට යළිත් මරණීය තර්ජන කළැයි කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙන් ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
තමා ටොරින්ටන් චතුරස්‍රයේ ව්‍යායාම කරද්දී පාපැදියකින් ආ මන්ත්‍රීවරයා තමාට පිස්තෝලයක් පෙන්වා මරා දමන බවට තර්ජනය කළැයි ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
මෙම මන්ත්‍රීවරයා කොළඹ අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්පති වෙන කැඳවා නිසි පරීක්ෂණයක් නොකැර සිද්ධිය බේරුම් කළ බව ද ඔහු අධිකරණයට කියා සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට මැයි 11 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

