බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා පිළිගැනීමේ හා හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාට සුභ පැතීමේ උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී අද (24) සිදු විය.
ජනතාවට සේවය කිරීමට තරම් ප්‍රමාණවත් පළාත් සභා සතු බලතල බවත් පොලිස් බලතල හෝ ඉඩම් බලතල ඊට අවශ්‍ය නොවන බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ බලතල පළාත් සභාවලට නොදිය යුතු බවද ඔහු කීවේය.
අදහස් දැක්වු බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල්ල මහතා පළාත් සභාවලට 13 වැනි සංශෝධනයෙන් හිමි බලතල ලබාදිය යුතු බව ප්‍රකාශ කළේය.
අවශ්‍ය ප්‍රතිපාදන හා බලතල නොමැති වුවහොත් ඕනෑම ආයතනක් කඩා වැටෙන බවත් ඔහු පැවසීය.







